Twin cutter device
ලෝකයේ ඇගළුම් ශේෂත්‍රය විශාල් රටවල් ප්‍රමාණයක් හොද ආදායම් ලබාගතහැකි කර්මාන්තයක් ලෙස භාවිතා කරනවා. එමෙන්ම විශාල සේවක සංක්‍යාවක් සදහා රැකියා අවස්ථා ලබා දිය හැකි කර්මාන්තයක්. විදේශ විනිමය ඍජුවම ගෙන ආ හැකි ඉතාමත් වටිනා කර්මාන්තයක්. පසුගිය කොවිඩ් සමයේදී හැම දෙනාටම එය හොදින්ම අවබෝධ වුවා. නමුත් මොනයම් හෙතුවක නිසා හෝ ඉතා ඉහල වැටුප් මට්ටමක් ඇති මෙම කර්මාන්තය සදහා අලුතින් බිහිවන සේවක සේවිකාවන් ගේ අඩුවක් පෙන්නුම් කරයි. මේ කාලය වන විට, ඇගළුම් ශේස්ත්‍රය මුණ දී ඇති බරපතලම ගැටළුව මිනිස් ශ්‍රමයේ අඩුපාඩුවයි. සේවය සදහා පුහුණු සේවක සේවිකාවන් තබා නුපුහුණු සේවක සේවිකාවන් ගෙන්වා ගැනීමද අසීරු කාරණයක් වී ඇත. එමෙන්ම මිට වසර කීපයකට ඇදුමක් මැසිම සදහා ගැනුම් කරුවන් විසින් සපයන ලද මුදල එන්න එන්නම අඩුවෙමින් පවතී. කම්හල් අතර ඇති තරගයද මෙයට බලා ඇත. තවත් පසෙකින් රටේ භාණ්ඩ හා සේවා මිලගණන් අහස උසට ඉගිලී යමින් පවතී. මේ තත්වයන් අතරේ හැම කර්මානතශාලා පාලකයන් උත්සාහ කරන්නේ අඩු මිනිස් ශ්‍රමයක් භාවිතා කර වැඩි වැඩ කොටසක් යන්ත්‍ර වලට පවරා දී ලාභයක් ඉපයිමටයි. මෙන්න මේ හේතුව නිසා බොහෝ දෙනා නව නිෂ්පාදන වෙත වැඩි ඇල්මක් දක්වයි. මිට වසර කීපයකට පෙර මෙවැනි නව නිර්මාණ කරන පුද්ගලයන් හෝ ආයතන ඒවා රහස් ලෙස රැක සිටියද,අදවන විට එය වෙනස් වෙමින් පවතී. රටක් ලෙස සිතන විට එක ආයතනයක් පමණක් දියුණු වීමෙන් පලක් නැත. යම් අයෙක් යම් ක්‍රමවේදයක් සොයාගත්තේ නම් එය හැමදෙනා අතර බෙදාගැනීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගත් හැක. ඒ අනුව සිතා අප විසින් නිර්මාණය කල බොහෝ නව නිර්මාණ මෙලෙස ඔබ වෙතට ගෙන ඒමට අදහස් කලෙමි. අපගේ නිර්මාණ වල ඇති අඩුපාඩු ඔබ දකින්නේ නම්, හෝ තවත් දියුණු කළහැකි අවසතා දකින්නේ නම්, අපට දන්වන්න. එය අපගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වනවා නොඅනුමානයි. මෙහි දකවා ඇති ඕනෑම උපකරණයක් සදහා ඔබට වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍යනම් අපට කතාකරන්න. #sewing #sewingmachine #knowledge #garments #apparel #innovation #automation #research #devolopment #seekers
Download
0 formatsNo download links available.