මෙම පාඩමේදී අපි Arduino Uno භාවිතා කරමින් LED 10ක් එකට සම්බන්ධ කර ලස්සන Light Pattern එකක් සකස් කරන ආකාරය ඉගෙන ගන්නවා. මෙය ආරම්භකයින්ට ඉතාමත් වැදගත් project එකක් වන අතර programming මූලික කරුණු ප්‍රායෝගිකව තේරුම් ගැනීමට උපකාරී වේ.
● මෙම Tutorial එක තුළ ඔබට ඉගෙන ගන්න පුළුවන් කරුණු:
● LED 10ක් Breadboard එකට සම්බන්ධ කරන ආකාරය
● Resistors භාවිතා කිරීමේ වැදගත්කම
● Variables භාවිතයෙන් pin number සහ delay value වැනි අගයන් ගබඩා කිරීම
● For Loops භාවිතයෙන් LEDs එකින් එක දැල්වීම සහ නිවීම automation කිරීම
● Code එක සරල, කාර්යක්ෂම සහ නැවත භාවිතා කළ හැකි ආකාරයට ලිවීම
මෙම Project එක මඟින් ඔබට loop structure සහ variable usage පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන අතර, ඉදිරි Arduino Projects සඳහා ශක්තිමත් පදනමක් සකස් කරගැනීමට හැකි වේ.
ඔබ Arduino programming ආරම්භ කරලා ඉන්නේ නම්, මෙම පාඩම ඔබට අත්‍යවශ්‍යම එකක් වේ! 🚀