This elephant bathing with his master in a lake in Sri lanka.
ලොව සුපතල කන්ද උඩරට ඇසළ පෙරහරේ මුඛ්යතම අංගය වන්නේ දළදා පෙරහර ය. නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහරයන් ද ඇසළ මහා පෙරහරට ඒකරාශි කොට ඇත. ශ්‍රී දළදා පෙරහරේ උත්තතරීතරම හා පූජනීයම අංගය වනුයේ සධාතුක කරඬුව වඩම්මවන දර්ශනය වේ. දළදා පෙරහර විචිත්‍රවත් කරමින් ගමන් ගන්නා අලි ඇතුන් අතරේ, මෙම සුවිශේෂී පූජනීයම අංගයට දායක වන හස්තියා ඉතාමත්ම වාසනාවන්ත, පින්බර සහ අතිවිශීෂ්ඨ හස්තියෙකු ලෙස සැළකේ.